Wednesday, March 26, 2025
Home » රනිල්ගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක්

රනිල්ගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක්

by sachintha
March 25, 2025 4:53 pm 0 comment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් සේදවත්ත පුරාණ රජමහා විහාරයේදී ඊයේ (24) පැවැත්විණි. සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ, කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරාධිපති සහ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක නා හිමියන්, දොඩම්පහළ රාහුල හිමි ඇතුළු මහා සංඝරත්නය සහ හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය – හිරන්ත ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT