Home » ඉතිහාසයේ පළමුවරට බෞද්ධ භික්ෂුවකට යාපනය විශ්වවිද්‍යාලයෙන් දෙමළ භාෂාව ගැන පශ්චාත් උපාධියක්

ඉතිහාසයේ පළමුවරට බෞද්ධ භික්ෂුවකට යාපනය විශ්වවිද්‍යාලයෙන් දෙමළ භාෂාව ගැන පශ්චාත් උපාධියක්

by sachintha
March 25, 2025 4:49 pm 0 comment

ඉතිහාසයේ පළමු වරට යාපනය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් දෙමළ භාෂාව පිළිබදව පශ්චාත් උපාධියක් ලබා ගෙන තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ 39 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී සන්නස්ගම ඉන්ද්‍රරතන හිමියෝ යාපනය විශ්වවිද්‍යාලයේදී දෙමළ භාෂාව පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සාර්ථකව නිමා කොට ඊට අදාළ සහතිකය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා මහතා අතින් පසුගියදා ලබා ගත්හ.

උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චන්ද්‍රරතන හිමියෝ කියා සිටියේ තමන්ට දෙමළ භාෂාව පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනීමේ හීනයක් තිබුණු බවයි.

‘දෙමළ කියන්නේ යාපනයටයි- යාපනය කියන්නේ දෙමළටයි.’ මේ දෙමළ භාෂාව මහා සාගරයක් වගේයි. මහා ගැඹුරුයි. ඉගෙන ගැනීමට දාහක් දේ තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මගේ සිහිනය සැබෑ කර ගැනීමට මට උදව් කළා. මේ කාලේදි මම දැක්ක දෙයක් තමයි දෙමළ ආචාර්යවරුන්ට සිංහල භාෂාව පිළිබඳව ඇති දැනුම අඩුකම විශාල බාධාවක්. මම මීට පෙර දෙමළ භාෂාවේ හා සාහිත්‍යයේ තිරුක්කුරල්, මණිමේකාලෙයි සහ මදුරිකාංචි වැනි ග්‍රන්ථ හදාරා තිබෙනවා. එය මට මේ ගමනට විශාල පන්නරයක් වුණා.

යාපනය විශ්වවිද්‍යාලයේ පිරිස මට කොතරම් උදව් කළා ද කිව්වොත් මගේ දානය මට ලබා ගැනීමට හැකි වන පරිදි මට දවල් 11.30 සිට 12 දක්වා විශේෂ නිවාඩුවක් අනුමත කොට දී තිබුණා යැයිද සන්නස්ගම ඉන්ද්‍රරතන හිමියෝ පැවසූහ.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT