ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ පසුගියදා (23) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර ඇත.
එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර 14ක අසුරන ලද නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝ 402 ග්‍රෑම් 200ක පමණ තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් තිදෙනකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 50ත් අතර මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා, එනසාල් තොගය, ෂැම්පු තොගය, රූපලාවණ්‍ය ආලේපන පැකට් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත