Home » ලෝක බලවතුන්ගේ උපන් දිනයට සුබපතන කදුරුවෙල ලයනල් මාමා

ලෝක බලවතුන්ගේ උපන් දිනයට සුබපතන කදුරුවෙල ලයනල් මාමා

by sachintha
March 25, 2025 10:30 am 0 comment

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුළු ලෝකයේ පිළිගත් රාජ්‍ය නායකයන්ගේ උපන්දින සිහිපත් කරමින් සහ ඔවුන්ගේ පදවි ප්‍රාප්ති සිහිපත් කර ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි යොමුකරන අපූරු ශ්‍රී ලාංකිකයකු පොලොන්නරුව කදුරුවෙල සුදුනෙළුම්ගම ගම්මානයෙන් අපට හමු විය.

75 වියැති දෙදරු පියකු වන ඔහු නමින් ලයනල් පිටියවත්තගේ වේ.

ඔහු දෙවැනි එලිස‍ෙබත් මහ රැජිනගේ උපන්දිනය සිහිපත් කරමින් ද ලිපි යොමුකර ඇති අතර, ඇයද ඔහුට ලිපි යොමු කර තිබීම විශේෂත්වයකි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ හැත්තෑ පස්වැනි උපන්දිනය සිහිපත් කරමින් ද ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි යොමුකර ඇති ලයනල් මහතා දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ඔහුගේ නි‍ෙවසේ සුදුකොඩි දැමීමට අමතක නොකළේය. අරලගංවිල සත්ත්ව සංවර්ධන උපදේශකයකු ලෙස කටයුතු කළ ලයනල් මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් දිවි ගෙවන්නේය.

මෑතකදී අමෙරිකාවේ 47 වැනි ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ද පසුගියදා ඉංග්‍රීසි බසින් ලිපියක් යොමු කර තිබේ.

‘මේක මගේ විනෝදාංශයක් වුණාට, ශ්‍රී ලංකාවට ලොකු ආයෝජනයක්. ඒ මිනිස්සුන්ට ලංකාවේ මිනිසුන් ගැන හොඳ පැහැදීමක් ඇති වෙනවා. ඒ රටවල් දියුණු කරන්න ඒ මිනිස්සු පැය 24 පුරාම කැපවීම් කරනවා. මම එළිස‍ෙබත් මහ රැජිනටත්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ලෝකයේ බලවතුන්ගේ උපන්දින සොයා ගනිමින් උපන්දින සුබ පැතුම් පත් වගේම, ඔවුන්ගේ ජනාධිපති පදවි ප්‍රාප්ති දිනයන් සොයා ගනමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි යොමු කරනවා. ඒ අයත් මට සුබ පතලා ලිපි යොමු කරනවා, මම විශ්වාස කරනවා මේක රටවල් අතර අන්‍යෝන්‍ය සුහඳතාව වර්ධනය වීමටත්, සිංහල ජාතීන්ගේ පැහැදීමක් ඇති වීමටත් හොඳ අවස්ථාවක් කියා” ලයනල් මහතා කීවේය.

සිරිපුර සමූහ – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT