Wednesday, March 26, 2025
Home » පෙම්වතාගේ ගෙදර ගිය තරුණිය තාප්පයකට යටවී මරුට

පෙම්වතාගේ ගෙදර ගිය තරුණිය තාප්පයකට යටවී මරුට

by sachintha
March 25, 2025 4:57 pm 0 comment

පෙම්වතාගේ නිවෙසට ගොස් සිටියදී නිවෙසේ තාප්පයක් ශරීරය මතට පතිත වී තරුණියක් මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියකි. පොලීසිය පැවසුවේ, මියගොස් ඇති තරුණියගේ පෙම්වතා ආරක්ෂක හමුදාවක සේවය කරන අතර, ඔහු නිවාඩුවට පැමිණ සිටියදී ඔහුගේ අත්තම්මා බැලීමට අවශ්‍ය බවට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව ඇයව නිවෙසට ගොස් කැටුවවිත් ඇති බවයි. එහිදී තරුණයා නිවෙස පිටුපස එළුවන්ට කෑම දැමීමට ගොස් සිටියදී තරුණිය ද ඒ අසල තාප්පය සමීපයේ සිටියදී මෙසේ තාප්පය ශරීරය මතට කඩාවැටී ඇති බවට හෙළිව ඇති බව පොලීසිය සඳහන් කළේය. කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

පානදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක,

අලුත්ගම -තුසිත කුමාර ද සිල්වා,

ගල්පාත – චන්දන ජයලාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT