Friday, March 28, 2025
Home » ඉංගිරියේ චිත්‍ර ශිල්පීන් 21කගෙන් කොළඹදී චිත්‍ර ප්‍රදර්ශනයක්

ඉංගිරියේ චිත්‍ර ශිල්පීන් 21කගෙන් කොළඹදී චිත්‍ර ප්‍රදර්ශනයක්

by sachintha
March 25, 2025 4:51 pm 0 comment

ග්‍රාමීය මට්ටමින් සුවිශේෂී කුසලතා දැක්වූ ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාදේශීය චිත්‍ර ශිල්පීන් 21 දෙනකුගේ නිර්මාණ, නාගරික රසවිඳින්නන්ට ද හඳුන්වා දීමේ අරමුණින් සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පසුගියදා පැවැත්විණි.

දින තුනක් පුරා නොමිලයේ පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේදී ඉංගිරිය ප්‍රදේශයේ වයස අවුරුදු 15 සිට 80 දක්වා පරාසයක නිර්මාණකරුවන්ගේ චිත්‍ර සහ මූර්ති සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තබා තිබුණි. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ චිත්‍ර ශිල්පීන්ගේ එකතුවෙන් වාර්ෂිකව පවත්වන Òවිවිඩ් ඔෆ් වොයිඩ්Ó ප්‍රදර්ශනයට සමගාමීව ’21ක් Invites You’ නමින් මෙය සංවිධානය කර තිබූ අතර, ඒ අනුව 2023 හා 2024 වසරවල දෙවතාවක් ඉංගිරියේදී පවත්වන්නට යෙදුණු එය 2025 වසර වෙනුවෙන් මෙලෙස කොළඹදී පවත්වා තිබේ.

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT