Wednesday, March 26, 2025
Home » STF විවාහක නිලධාරීන්ට කලපළුවාවෙන් නව නිවාස

STF විවාහක නිලධාරීන්ට කලපළුවාවෙන් නව නිවාස

by sachintha
March 25, 2025 4:48 pm 0 comment

පොලිස් විශේෂ කාර්ය බළකා විවාහක නිලධාරීන් සඳහා ඉදිකරන ලද කලපළුවාව නිල නිවාස සංකීර්ණය විවෘත කර නිලධාරීන්ට නිවාස භාර දීමේ උත්සවය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (24) පොලිස් විශේෂ කාර්ය බළකා කලපළුවාව විවාහක නිල නිවාස සංකීර්ණයේදී පවත්වන ලදි.

පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙන් කරන ලද ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් රුපියල් මිලියන 460ක් වැය කර අංග සම්පූර්ණ පහසුකම් සහිතව නිවාස 36කින් සමන්විතව මේ නිවාස සංකීර්ණය ඉදිකර තිබේ.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු සහභාගී වූහ.‍

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT