Wednesday, March 26, 2025
Home » ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමට සම්මාන හයක්

ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමට සම්මාන හයක්

by sachintha
March 25, 2025 4:47 pm 0 comment

ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම රාජ්‍ය සහ පෞද්ගලික තරගකාරී ආයතන 120ක් අතරින් ඉහළම සම්මාන 6ක් දිනා ගැනීමට සමත්ව තිබේ. ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම බත්තරමුල්ල මොනාච් ඉම්පිරියල් (Monarch Imperial) හිදී පැවැති ‘Best Management Practices Award 2025’ සම්මාන උලෙළේදී මේ සම්මාන හය දිනාගෙන ඇත.

රාජ්‍ය සහ පෞද්ගලික තරගකාරී ආයතන 120ක් අතරින් ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම ඉහළම සමාගම් හය අතරට ශ්‍රේණිගත වීමට සමත් වූ අතර, Digital Literacy යන කාණ්ඩය යටතේ ලැබූ ජයග්‍රහණය මෙහිදී විශේෂිතව සඳහන් කළ හැකිය.

වර්තමානයේදී ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම සහ එහි මව් සමාගම වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඩිජිටල් ප්‍රවේශයට ඉතාම සාර්ථකව අවතීරණය වී ඇත. සමාගම මේ වන විටත් තම සේවක පිරිසෙහි කළමනාකරණ හැකියා සහ කුසලතා වර්ධනය කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කරමින් පවතී.

එමඟින් කාලයක් පුරා බිඳ වැටෙමින් තිබූ පෙට්‍රෝලියම් සන්නාමය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඉහළට ඔසවා තැබීමටත්, දැවැන්ත පුද්ගලික සමාගම් අබිබවා ඉදිරියට ගෙන යෑමටත් ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සමත් වී තිබෙන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවැසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT