31
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය ලෙස නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට “මෙහෙවර පියස” ගොඩනැඟිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී ඊයේ (24) රාජකාරි ඇරඹුවාය.
නදීකා වටලියද්ද මහත්මිය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරි ජෙනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව ද වේ.
කම්කරු දෙපාර්තමේන්තුව අප රටේ වැඩ කරන ජනතාවගේ තිබෙන ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් සෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගැනීමටත්, කම්කරු නීති වෙනස් කිරීමටත් කටයුතු කර තිබේ.
මේ අවස්ථාවට කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව සිටියහ.
දුලක්ෂි උඩගෙදර