27
ප්‍රංශය, පලස්තීනය සහ නේපාලය රටවලින් මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ඒ අනුව මෙරට ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් (Mr. Remi Lambert), මෙරට පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්. කලීල් (Mr.Ihab I.M. Khalil), මෙරට නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (Dr. Purna Bahadur Nepali) මහත්වරුන් පත්ව තිබේ.
මේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරු ද එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න