Wednesday, March 26, 2025
Home » නාගලගම්වීදිය වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

නාගලගම්වීදිය වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

by chanaka
March 25, 2025 4:38 pm 0 comment

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 32 හැවිරිදි වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 17වැනිදා රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අපරාධයට අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 3 ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT