Wednesday, March 26, 2025
Home » බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

by chanaka
March 25, 2025 12:18 pm 0 comment

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව අද(25) ආරම්භ විය. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිති.

“ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන තේමාව යටතේ ඔවුන් ගැඹුරු ලෙස සාකච්ඡා කරනු ඇත.

අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව, එකමුතුවෙන් සහ සහයෝගයෙන් කටයුතු කරමින් දුෂ්කරතා ජය ගැනීමේ ප්‍රබල සංඥාවක් මෙවර වාර්ෂික සමුළුව හරහා ජගත් ප්‍රජාව වෙත ලබා දීමට බලාපොරොත්තු වන බව බෝ ආඕ ආසියානු සංසදයේ මහා ලේකම් Zhang Jun අද පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

එමෙන්ම “ආසියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ඒකීයකරණ ක්‍රියාවලිය පිළිබඳ 2025 වාර්ෂික වාර්තාව” සහ “දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ආසියාවේ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ 2025 වාර්ෂික වාර්තාව” යන වැදගත් වාර්තා දෙකක් ද මෙම මාධ්‍ය හමුවේදී නිකුත් කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT