106
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙයි.
ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි.
මාර්තු මස අවසන් දින කිහිපයේ සහ අප්‍රේල් මස වන විට සකුරා මල් පිපීම වැඩි වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතියි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමඟම ජපානයේ වසන්ත කාලයද ඇරඹෙන බවයි.
එමෙන්ම සකුරා ගසක මල් පිපීම සෞභාග්‍යයේ සළකුණක් ලෙස ජපන් ජනතාව සලකනු ලබයි.