වයඹදිග පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරමාලාවකින් පොලිස් නිලධාරීහු 5 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් සිදු කළ බව කියන එම ප්‍රහාරමාලාවෙන් තවත් 6 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ප්‍රදේශ 5ක එම ප්‍රහාර සිදුවී ඇති අතර, එය පාකිස්තාන ආරක්ෂක හමුදාවට එරෙහිව ආරම්භ කළ වසන්ත සංග්‍රාමය නමැති මෙහෙයුමක එක් පියවරක් බව ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් පාකිස්තාන තලේබාන් සංවිධානය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෑතක සිට පොලිස් නිලධාරීන්ට එරෙහි ප්‍රහාර වර්ධනය වී ඇති බව පෙෂාවර් නුවර පොලිස් ප්‍රධානී කාසිම් අලි ප්‍රකාශ කර ඇති අතර, මෙවැනි ත්‍රස්ත ප්‍රහාර දිනපතා සිදුවන බව වාර්තා වේ. දින දෙකක් ඇතුළත ප්‍රදේශ 9කදී පොලිසිය ඉලක්ක කරමින් පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා වේ.