Wednesday, March 26, 2025
Home » නාලන්දා බෞද්ධ සම්ප්‍රදායන් සුරැකීමේ සාකච්ඡාවක් නවදිල්ලියේදී

නාලන්දා බෞද්ධ සම්ප්‍රදායන් සුරැකීමේ සාකච්ඡාවක් නවදිල්ලියේදී

by sachintha
March 25, 2025 4:42 pm 0 comment

බුදු දහමේ මූලික ඉගැන්වීම්, පිළිවෙත් මෙන්ම විශේෂයෙන් නාලන්දා බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සාකච්ඡාමාලාවක් සඳහා හිමාලය ආශ්‍රිත විවිධ රටවල බෞද්ධ නියෝජිතයන් 120 දෙනකු ඉන්දියාවේ අගනුවරදී රැස් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. දෙදිනක් පුරා නවදිල්ලි නුවරදී බෞද්ධ නියෝජිතයන්ගේ හමුව සිදුවී ඇත්තේ නාලන්දා බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ ඉන්දීය හිමාල කවුන්සිලයේ මංගල මහ සභා රැස්වීමේදී බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉන්දීය ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පැවැති එම දෙදින රැස්වීමේදී විවිධ වෙනස්කම්වලට ලක්වන ලොව තුළ නාලන්දා බෞද්ධ සම්ප්‍රදායන් මුහුණ දෙන අභියෝග සම්බන්ධව වැඩි අවධානයක් යොමු වී ඇතැයි ද, බෞද්ධ ඉගැන්වීම් ආරක්ෂා කිරීමේදී නවීකරණය, ගෝලීයකරණය සහ සමාජ දේශපාලනීය ගැටලුවල බලපෑම් එම නියෝජිතයන්ගේ සාකච්ඡාවට ලක්වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. අනාගත පරම්පරාවන් සඳහා බෞද්ධ සම්ප්‍රදායන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් සහ උපාය මාර්ග හඳුනා ගැනීම එම රැස්වීමේ අරමුණ වූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT