Wednesday, March 26, 2025
Home » චීනයේ වෛද්‍යවරු ආරක්ෂාව ඉල්ලති

චීනයේ වෛද්‍යවරු ආරක්ෂාව ඉල්ලති

by sachintha
March 25, 2025 4:39 pm 0 comment

චීනයේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයන් රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වාචිකව සහ ශාරිරීක ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පළාත් 16ක රෝහල් 134ක් අධ්‍යයනය කිරීමෙන් පසු නිකුත් කළ වාර්තාවකට අනුව රෝහල් ප්‍රචණ්ඩත්වය 65.8%ක් බවට හෙළි වී ඇති අතර, ඊට 11.8% ක ශාරිරීක ප්‍රචණ්ඩත්වයක් සහ 64.9% ක වාචික ප්‍රචණ්ඩත්වයක් ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන ජාතික මහජන කොංග්‍රසය 2019 වසරේ අගභාගයේදී මූලික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන නීතියක් සම්මත කරමින් කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට තර්ජනය කරනු ලැබීම හෝ අනතුරට ලක් කරනු ලැබීම තහනම් කළ ද, රෝහල් ආරක්ෂණ පද්ධතිය වර්ධනය කිරීමටත්, ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් බලධාරීන් දැඩි පියවර ගත යුතු බවට එරට ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT