Wednesday, March 26, 2025
Home » පළමුවරට කුරුලු උණ ආසාදිත බැටළුවෙක් එංගලන්තයේ

පළමුවරට කුරුලු උණ ආසාදිත බැටළුවෙක් එංගලන්තයේ

by sachintha
March 25, 2025 10:39 am 0 comment

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු පළමුවරට එංගලන්තයේදී හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බැටළු ගොවිපොළ දෛනික පරීක්ෂාවකදී එම බැටළුවා හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම කුරුලු උණ වසංගතය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බ්‍රිතාන්‍ය රජය එරට සත්ව ගොවිපොළ හිමියන්ට උපදෙස් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කුරුලු උණ ආසාදනය වූ බැටළුවා හඳුනාගත් ගොවිපොලෙහි සෙසු බැටළුවන්ට වසංගතය ව්‍යාප්ත වී නැති බව එංගලන්තයේ පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කුරුලු උණ වෛරසය බැටළුවකු තුළින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වුවද, වෙනත් රටවල සත්ව ගොවිපොළ තුළ කුරුලු උණ පැතිරී ගිය අවස්ථා වාර්තා වී ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT