Wednesday, March 26, 2025
Home » එළිය සමඟ සුවඳ බෙදන තරුණ ව්‍යවසායිකාව

එළිය සමඟ සුවඳ බෙදන තරුණ ව්‍යවසායිකාව

by sachintha
March 25, 2025 4:00 pm 0 comment

අඩුපාඩු මැද අඩුපාඩු ගැන නොසිතා තම පවුලේ දියුණුව සහ ආර්ථික සවිය වෙනුවෙන් වැඩ කරන පිරිස් සිටිති. තම ශරීරයේ යම් කිසි ආබාධයක් තිබුණා යැයි කියා පසෙකට වී සිටීම වෙනුවට තම හැකියාව මත තම ජීවන ගමන සරිකර ගන්නෝ සිටිති. පුත්තලම ප්‍රදේශයේ ධම්මි එවැන්නියකි. පාදයක ආබාධයක් නිසා අර්ධ ආබාධිත තත්ත්වයක සිටියද පවුලේ බර කරට ගෙන කටයුතු කිරීමට ඇය දැඩි වෙහෙසක් දරයි.

පහන් තිර සහ හඳුන්කූරු නිෂ්පාදනය කර තමන්ගේ වෙළෙඳ නාමයක් යටතේ වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇති අතර එම නිෂ්පාදන ප්‍රදේශය තුළ විශාල ජනප්‍රියත්වයකට පත්ව තිබේ.

ඇයගේ එකම අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවට පත්ව තිබෙන්නේ මෙම නිෂ්පාදන කර්මාන්තය වඩාත් දියුණු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන යන්ත්‍රයක් මිලදී ගැනීමය.

දහසක් බාධක මැද තම ශක්ති ප්‍රමාණයෙන් ස්වයං කර්මාන්තයක නියැළෙන ධම්මි වැනි තරුණ ව්‍යවසායකයන්ට සහාය ලබා දීම සැමගේ වගකීමකි.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT