Wednesday, March 26, 2025
Home » රාජ්‍යයේ බරපතළකම

රාජ්‍යයේ බරපතළකම

by sachintha
March 25, 2025 4:42 pm 0 comment

ස්වාමීනී… මේ සතිය තුළ මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ඉවහල් වන ඉතා වැදගත් නඩු තීන්දු දෙකක් ප්‍රකාශයට පත්වුණා. ඒ ගැන අප සතුටු විය යුතුයි. අද මේ නඩුවට පෙනී සිටීම සඳහා මමත් විමර්ශන නිලධාරීනුත් අධිකරණයට පැමිණීමට සිදුවී තිබුණේ දැඩි ආරක්ෂක විධිවිධාන මැදයි. ඒ සම්බන්ධයෙන් අප ලැජ්ජාවට පත්විය යුතුයි. මේවා අසමත් රාජ්‍යයක ලක්ෂණ. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහායි මා මේ අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන්නේ.

මේ නඩුව කැඳවන අවස්ථාවේ උසාවි ශාලාවේ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ඇතුළු උසස් නිලධාරීන් ඇවිත් ඉන්නවා. ඔවුන් කළ යුත්තේ මාධ්‍යයට පේන්න මේ වගේ පැමිණීම නෙවෙයි. මේ අපරාධය පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරලා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තමයි ඔවුන්ගෙන් ඉටුවිය යුතු වැදගත්ම රාජකාරිය. ඒවගේම මේ අපරාධයට වගකිව යුතු සැකකාර පොලිස්පතිවරයාටත් ඉහළින් සිටින පුද්ගලයින් පිළිබඳවත් සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්

ජනාධිපති නීතිඥ දිලීප පීරිස් කියයි

පසුවදන:

සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්ට ආයුධ සන්නද්ධ භටයින්ගේ ආරක්ෂාවක් මැද උසාවියට පැමිණීමට සිදුවිය. එවැනි තත්ත්වයක් ලංකාවේ මා දුටු ප්‍රථම අවස්ථාවද මෙයය. ඔබට දැන් මේ රටේ අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වන පාර රාජ්‍යයේ බරපතළකම වැටහෙනවාද ? රටේ අති විශාල අපරාධ රාශියක් සිදුකළ මිනීමරු පැරා මිලිටරි කල්ලි නඩත්තු කළ දේශබන්දු ටයිකෝට් ඇඳ බෙන්ස් කාර්වල නැඟී මාතර උසාවියේ අධි ආරක්ෂිත වැටකඩොලු බිඳ පැමිණෙන විට කිසිදු රැකවලෙකු සිටියේ නැත. එවන් අපරාධකරුවෙකුට එරෙහිව පවත්වන නඩු විභාගයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් යුක්තිය වෙනුවෙන් හඬ ගෑ ජනාධිපති නීතිඥයාගේ ජීවිතය අනාරක්ෂිතය. ඒ වෙනුවෙන් රජයට හමුදා මුරකාවල් දමා ඔහු උසාවියට රැගෙන ඒමට සිදුවිය. මෙවැනිම තත්ත්වයක් 1982 දී රට තුළ බිහිවිය. ජේ.ආර්. ජයවර්ධනට අවැසි ලෙස ක්‍රියාත්මක නොවුණු විනිසුරන්ගේ නිවෙස්වලට පහර දුන්නේය. එය මෙහෙයවනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. රනිල්ගේ අණ පිළිපදිමින් කළු ලකී වැනි දාමරිකයින් නඩුකාරයින්ට පහර දුණි. වර්තමාන රජය නොපමාව මෙම පාර රාජ්‍යය නොහොත් deep state මෙහෙයවන කල්ලිය පරාජය කළ යුතුය. ඒ වෙනුවෙන් විධායකයේ හා පාර්ලිමේන්තුවේ අති බහුතර බලය උපයෝගි කරගත යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT