හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ කොළඹ 02 උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවක ගැටුමක් ඇති වී තිබේ.
ඔවුන් සමඟ පුද්ගලයන් අට දෙනෙකු පැමිණ ඇතත් ඉන් එක් අයෙකු එම සමාජශාලාව තුළට ඇතුළුවීමට අවශ්‍ය අත් පලඳනාවක් නොතිබීම මෙම ගැටුමට හේතුව වී ඇත.
ආරක්ෂක අංශ නිලධාරියෙකු අත් පලඳනාව ගැන විමසීමක් කල අවස්ථාවේ බහින්බස් වීමක් සිදුව ඇතිව පැමිණි අටදෙනා මෙම ආරක්ෂක නිලධාරියාට පහරදී ඇත.
ඒ වන විට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය පොලිසියේ පැමිණිල්ලක් ද කර ඇති අතර පොලිසිය විසින් එහි ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකර ඇත.
පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
යෝෂිත රාජපක්ෂ මහතා මුල්‍ය විශුද්ධිකරණයට අදාළව මේ වන විට අධිකරණයේ පවතින නඩුවක චූදිතයෙක් ලෙස නම් කර ඇති අතර ඇප මත නිදහස්ව සිටී.