Home » සෙනසුරුගේ වළලු අතුරුදන් වෙලා

සෙනසුරුගේ වළලු අතුරුදන් වෙලා

by chanaka
March 25, 2025 2:48 pm 0 comment

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය මේ සතියේ දී පෘථිවියට නොපෙනී ගොස් ඇතැයි තාරකා විද්‍යාඥයින් අනාවරණය කර ඇත.

සෑම වසර 13ක් හෝ 15ක් දක්වා වන කාලයකට වරක් මෙලෙස සෙනසුරු ග්‍රහයාගේ වළලු පෘථිවි දෘෂ්ඨි රේඛාවෙන් නොපෙනී යන බව සදහන් වේ.

“වළලු තලය තරණය” ලෙස හැඳින්වෙන මෙම දුර්ලභ සිදුවීම, මාර්තු 23 වැනිදා සිට ආරම්භ වී ඇති අතර
මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස්නොවනු ඇති බවට වාර්තවේ.

මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙනි.

සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය පෘථිවි වාසීන් අවසන් වරට අත්විඳ ඇත්තේ 2009 වසරේදීය.

සෙනසුරු ග්‍රහයාගේ වළලු ප්‍රධාන වශයෙන් අයිස් අංශු, පාෂාණමය සුන්බුන් සහ කොස්මික් දූවිලිවලින් සෑදී ඇති අතර එය දර්ශනීය දසුනක් සෙනසුරු වෙත එක් කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT