Wednesday, March 26, 2025
Home » info – NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය එළි දැක්වෙයි

info – NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය එළි දැක්වෙයි

by yasara
March 25, 2025 12:38 pm 0 comment

ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් info – NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය ඊයේ ( 24)  නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිළ වශයෙන් එළි දක්විණි.

මෙම පද්ධතිය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යා ලේඛන සංවර්ධන වැඩසටහනට සමගාමීව දත්ත හා තොරුතුරු ප්‍රමිතිකරණ ක්‍රමවේදයන්ට හා සත්‍යාපන ක්‍රමවේදයන්ට අනුව සකසා ඇති අතර, එමගින් දත්ත ඇතුලත් කිරීම සියලුම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදුකිරීමට පහසුකම් සලසා ඇත.

ස්වාභාවික ආපදා පිළීබඳ දැනුවත් බව ලබා දීමටත්, ආපදා හා ආපදා සහන සේවා පිළිබඳ තොරතුරු වාර්තාකරණයටත්, ත්‍රෛමාසික නිළ පුවත් සඟරාවක් ද info-NDRSC නමින් එළි දැක්වීමද, මෙයට සමගාමීව සිදුකරන ලද අතර, මෙම info-NDRSC දත්ත පද්ධතිය සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය “Save the Children” ආයතනය ද තාක්‍ෂණික සහය “GIS Solutions (Pvt) Ltd” ආයතනය මඟින් ද සැපයේ.

Clean Sri Lanka ජාතික වැඩසටහනට හා රජය ජනතාවට සපයන සේවා ඩිජිටල්කරණය කිරීමේ තවත් එක් පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහා සකස් කරන ලද නව දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්‍යක්‍ෂක ජනරාල් (සැළසුම්), ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත ආපදා සහන සේවා නිලධාරීන් 485 දෙනෙකු මාර්ගත ක්‍රමය ඔස්සේ ද, සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT