Home » ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක පැනවෙයි

ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක පැනවෙයි

by yasara
March 25, 2025 9:57 am 0 comment

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට මෙලෙස සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයින්ට එක්සත් රාජධානියේ සංචාරය කිරීම තහනම් වන අතර එරට තුළ වත්කම් රැස්කිරීම ද තහනම් වනු ඇත.

ඔවුන්ට එක්සත් රාජධානිය තුළ වත්කම් ඇත්නම් ඒවා ද තහනම් වන බව එරට රජය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අතරතුර නීතිවිරෝධි ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට මෙම සම්බාධක පනවා ඇති බව එක්සත් රාජධානියේ රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කර ඇත.

සිවිල් යුද්ධයේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයාබලා වගකිව යුත්තතන්ට දඬුවම් ලබාදීම පිළිබදව කැපවී සිටින බව එක්සත් රාජධානිය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩි දියුණු කිරීම සඳහා එක්සත් රාජධානිය නව රජය සමඟ කටයුතු කරන අතර ජාතික සමගිය සඳහා ඔවුන්ගේ කැපවීම අගය කරන බව අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී  ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT