ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවෝ අන්තර් සමාජ කාන්තා රග්බි ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. පසුගියදා වැලිසර නාවික හමුදා පිටියේ පැවති අවසන් මහා තරගයේදී සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 61-5ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් නාවික හමුදා ක්‍රීඩිකාවෝ මේ ශුරතාවට හිමිකම් කීහ.
නාවික හමුදා පිල ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 8ක් වාර්තා කළ අතර, සීආර් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි. එම තරගයේදී නාවික හමුදා පිල වෙනුවෙන් ආර්.එස්.එච්. කුමාරි උත්සාහක දිනුම් 6ක් තැබීමට සමත්වූ අතර, කේ.පී.ඩී.පී.තත්සරණි උත්සාහක දිනුම් 2ක් ද, ඩබ්.ඩී.එස්.ප්‍රභුමාලි, එම්.ඩී.ආර්.කුමුදුමාලි සහ ඒ.එස්.එච්. මධුමාලි උත්සාහක දිනුම බැගින් ද වාර්තා කළහ.
තරගාවලිය පුරා උත්සාහක දිනුම් 9ක් තැබූ නාවික හමුදා පිලේ සංදිකා හේමකුමාරි තරගාවලියේ වැඩිම ලකුණුලාභියාට හිමි සම්මානයට හිමිකම් කීමට සමත්වූවාය.