බළපිටිය ගා/ සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ‘සිදුහත් සිසු අබිමන්’ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය, පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී 2023 වර්ෂයේ සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ කුසලතාපූර්ණ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ‘ඩන්කන් – ලිලියන් අනුස්මරණ සිදුහත් ස්වර්ණප්‍රදීපය’ සම්මානය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයට තේරී පත්ව සිටින වයි. ඉසුරු නිමේෂ් ද සිල්වා ශිෂ්‍යයා විසින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම මෙහිදී 2023 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා වරම් ලැබූ සිසු සිසුවියෝ 13ක් විශේෂ ඇගයීමට ලක්වූහ. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන දැනට විදේශගතව සිටින හඳුන්නෙත්ති පවුලේ සහෝදර සහෝදරියෝ විසින් පූර්ණ අනුග්‍රහය දක්වනු ලැබූහ. විදුහලේ කලා අංශයේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයය සමඟ A සාමාර්ථ තුනක් ලබාගත්, එස්. ෆාතිමා රිෆ්නා ශිෂ්‍යාව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය අතින් සිය ත්‍යාග හා සහතිකපත ලබාගත් අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
තක්ෂිලා උදයංගනී කරන්දෙණිය – අනුරාධ ප්‍රියදර්ශන