Home » ලෝක මුඛ සෞඛ්‍ය දිනය දා හම්බන්තොට පෙර පාසල් දරුවන්ට නිවැරැදිව දත් මදින්න පුහුණු කරයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනය දා හම්බන්තොට පෙර පාසල් දරුවන්ට නිවැරැදිව දත් මදින්න පුහුණු කරයි

by sachintha
March 24, 2025 4:16 pm 0 comment

ලෝක මුඛ සෞඛ්‍ය දිනය යෙදී තිබු ඉකුත් මාර්තු 21 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දොළහ තුළ පෙර පාසල් දරුවන්ට නිවැරැදි ලෙස දත් මැචීම සිදු කළ යුතු අන්දම කියා දීමේ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්විණි. පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් විසින් මෙ දැනුම්වත් කිරීමේ වැඩ සටහන පවත්වන ලදි.

මෙහිදී අදාළ පෙර පාසලේ දරුවන්ගේ මවුපියන් ද එදින ගෙන්වා දරුවන්ගේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කළේය. බොහෝ වැඩිහිටි පිරිස් පවා උදේ, සවස වේල් දෙක දත් මැදීම සිදු නොකරන හෙයින් පෙර පාසල් වයසේ දරුවන්ගේ සිට මෙම පුරුද්ද අඛණ්ඩව පවත්වාගෙන යෑම තුළින් මුඛ සෞඛ්‍යය නිවැරදි ලෙස අනුගමනය කිරිමෙන් දත් හා මුඛය ආශ්‍රිතව ඇති වන රෝග වළක්වා ගැනීමට හැකිවන බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරි ජිනාඩි අමරවීර මහත්මිය සඳහන් කළාය.

අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අම්බලන්තොට සුමුදු පෙර පාසලේ දී ද මෙම වැඩසටහන පැවැත්විණි. ඒ අනුව මෙලෙස දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සියල්ලෙන්ම තෝරගත් එක් පෙරපාසලක මෙම දැනුම්වත් කිරීම සිදුකෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය එන්.වයි. එස් සමරවීර හා ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය ජිනාඩි අමරවීර යන මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්විණි.

අම්බලන්තොට සුමුදු පෙර පාසලේ දරුවන් දැනුම්වත් කිරීම පාසල් දන්ත චිකිත්සක ආශා ඉඳුනිල් මහත්මිය සිදු කළාය.

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT