Home » ශ්‍රී විමලවංශ කනිෂ්ඨයෙන් පාසලේ හපනුන්ට ඇගයීමක්

ශ්‍රී විමලවංශ කනිෂ්ඨයෙන් පාසලේ හපනුන්ට ඇගයීමක්

by sachintha
March 24, 2025 4:02 pm 0 comment

මාතර, අකුරැස්ස මාර/ බෝපිටිය ශ්‍රී විමලවංශ කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය, පසුගියදා එම පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2024 වර්ෂයේ පාසලේ ශිෂ්‍යත්ව සමතුන් සහ සෙසු විශිෂ්ටයන් ඇගයීම මෙහිදී සිදු වූ අතර අකුරැස්ස කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අයි.යූ. වීරසිංහ මහතා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. 2024 වර්ෂයේ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේදී 6 ශ්‍රේණියේ ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන තරගාවලියේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය හිමි කරගත් ආර්.එස්.වයි.එම්.එස්. නිම්සරණි ශිෂ්‍යාව, 2023 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් එච්.ඒ. ඉමාෂා නෙත්මි ශිෂ්‍යාව හා 2024 වසරේ පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 8 දෙනකු මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරිණි. විදුහල්පති චින්තක ගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත සංවිධානය කළ මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පාසලේ ආදි සිසුන්ගෙන් විශාල දායකත්වයක් ලැබී තිබිණි.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT