Home » උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා සර්පයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට

උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා සර්පයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට

by sachintha
March 24, 2025 7:32 am 0 comment

උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් පෙරේදා (22) ජීවිතක්ෂයට පත් වූ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 11, අක්කර 12, නාගදීප මාවත යාපනය හන්දිය ලිපිනයේ පදිංචිව සිටි, අඟුල්ගම ගමුවගේ සරත් ධර්මසිරි නමැති 59 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.

කලක් ඒ මහතා අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව Ò අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේÓ (SOCO) ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඉකුත් 19දා පස්වරුවේ සේවය නිමකර නි‍ෙවසට පැමිණ ඇති ඒ මහතා, තම වගා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නි‍ෙවස පිටුපස වත්තට ගිය අවස්ථාවේදී කෙසෙල් පඳුරක් අසලදී සර්පයකු දෂ්ට කර ඇති බව වාර්තාවේ. ඉන් අනතුරුව වහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති ඒ මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින 4ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, රශ්මික ගමආරච්චි මහතා විසින් එම දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

අනුරාධපුර සංචාරක – බී.ජී.චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT