Wednesday, March 26, 2025
Home » මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගයෙන් සිරිපා කරුණාවේ ආ 14ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගයෙන් සිරිපා කරුණාවේ ආ 14ක් අත්අඩංගුවට

by sachintha
March 24, 2025 7:20 am 0 comment

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 14 දෙනෙකු ඉකුත් 21 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසීය.

එම සැකකරුවන් සන්තකයේ අෂිස්, ගංජා, ගංජා මිශ්‍ර මදන මෝදක ගුළි සහ දුම්කොළ මිශ්‍ර මාවා තිබී අත්අඩංගුවට ගත් බවයි පොලිස් අධිකාරිවරයා පවසා සිටියේ.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කර ඇති මෙහෙයුම්වලට සමගාමීව නල්ලතන්නිය, මස්කෙළිය, පොල්පිටිය, නෝටන්බ්‍රිජ්, ගිනිගත්හේන සහ නොර්වුඩ් යන පොලිස් ස්ථානවලින් සැකකරුවන් 14 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි 25 – 40ත් අතර වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටිති. සැකකරුවෝ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් අධිකාරිවරයා පැවසීය. මේ අතර අමතර උපාංග සවි කර ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ කිහිපයක්ද මෙහෙයුම්වලට එක් වි සිටින පොලිස් නිලධාරීන් පරීක්ෂා කළ අතර, එම බස් රථවල සවි කර තිබූ මගීන්ට අවදානම් සහිත උපාංග ගලවා ඉවත් කිරීමට පොලිස් නිලධාරින් විසින් බස් රථ රියැදුරන් වෙත උපදෙස් ලබාදෙනු ලැබූහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT