කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ, හැලගල ප්රදේශයේ දී ලංගම බස් රථ දෙකක් පෙරේදා (22) සවස මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 46ක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලීසිය පවසයි.
ජා ඇළ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් හා කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් මෙලෙස පෙරේදා (22) මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය පැවසීය. අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 46 දෙනෙක් වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලටත්, තවත් දෙදෙනෙක් කෑගල්ල මහ රෝහලටත් කල්මුණේ බස් රථයේ රියැදුරුවරයා කොළඹ ඇස් රෝහලටත්, ඉතිරි තුවාලකරුවන් 41 දෙදෙනා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.
අනතුරින් පසුව කොළඹ, මහනුවර ප්රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම පැය දෙකකට ආසන්න කාලයක් වසා දමා බස් රථ දෙක පසුව ඉවත් කළ බව පොලීසිය පැවසීය.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොමැති බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්, කෑගල්ල දිස්ත්රික් සමූහ – දයාරත්න බණ්ඩාර