කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් එන්සාල්, තහනම් ගබ්සා එන්නත්, මත්පෙති හා කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවකු කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරීන්ගේ තොරතුරක් මත ආනවාසල ප්‍රදේශයේ දී කල්පිටිය පොලිස් නිලධාරින් විසින් ඊයේ (23) අලුයම අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ ආනවාසල ප්‍රදේශයේ සඟවා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ එන්සාල් කිලෝ 420ක තොගයක් සමඟ ගබ්සා එන්නත්, මත්පෙති හා කෘමිනාශක බෝතල් දහසකට ආසන්න තොගයක් ඇතුළු රුපියල් කෝටි දෙකකට ආසන්න දෑ බව පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් එන්සාල් තොගයේ වටිනාකම පමණක් රුපියල් කෝටිය ඉක්මවන බවද ඔවුන් පැවසූහ.
කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලැබුණ බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් සිදුකර තිබුණී.
මෙලෙස නීති විරෝධි ලෙස මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබු එන්සාල් ඇතුළු දෑ නැවත බෝලේරෝ කැබ් රථයකින් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහන කරමින් තිබියදී ආනවාසල ප්‍රදේශයේදී කැබ් රථයේ රියැදුරුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත්ව තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු කැබ් රථය හා නීති විරෝධි දෑ පොලිස් පරීක්ෂණ සඳහා කල්පිටිය පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ, කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා