Home » වැඩබිම් තුළ සිදුවන කාන්තා හිංසනයට එරෙහිව නීති ගේන්නැයි උද්ඝෝෂණයක්

වැඩබිම් තුළ සිදුවන කාන්තා හිංසනයට එරෙහිව නීති ගේන්නැයි උද්ඝෝෂණයක්

by sachintha
March 24, 2025 4:39 pm 0 comment

කටුනායක ඇතුළු සියලුම නිදහස් වෙළෙඳ කලාප තුළ සේවය කරන සේවිකාවන් ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන වාචික සහ මානසික හිංසනයට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියේ සඳහන් සී – 190 නීතිරීතිවලට අනුකූලව නීති සකස් කරන ලෙස, මෙරට රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට බල කෙරෙන උද්ඝෝෂණයක් ඊයේ (23) දහවල් 11.00ට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිටදී පැවැත්විණි. මෙම උද්ඝෝෂණය වාණිජ සහ කාර්මික සේවක සංගමයෙන් සංවිධානය කර තිබුණි. මෙම හිංසනය කර්මාන්තශාලා හිමියන් තම නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට භාවිත කරමින් සිටින බව ද උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් එහිදී පැවසූහ. එසේම මෙම හිංසනයට එරෙහිව කතා කිරීම හෝ සංවිධානය වීම ද විශාල වරදක් ලෙස කර්මාන්තශාලා හිමියන් දකිමින් සිටින බව ද ඔවුහු කීහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT