58
හොරණ, උඩුව සිරි සුනන්දාරාම විහාරස්ථ ධර්මෝදය සිරි දහම් පාසලේ දරුවන් සඳහා අභ්‍යාස පොත් කට්ටල බෙදාදීමේ පුණ්‍ය වැඩසටහනක්, හොරණ සිංහ සමාජයේ සභාපති සිංහ ඉන්දික පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. විහාරාධිපති, ප්‍රධානාචාර්ය පූජ්‍ය උඩුවේ ජිනරතන ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව දහම් පාසල් සිසුන් 150 දෙනකු සඳහා මෙම සත්කාරය ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාවට හොරණ සිංහ සමාජයේ ලේකම් සිංහ ආර්. රණතුංග, පෙර අධිපති සිංහ නිමල් අලුත්ගේ, අධ්යක්ෂවරුන් වන සිංහ උපාලි තිසේරා, සිංහ අජිත් ආරියරත්න හා සිංහ එම්. සෙනවිරත්න යන මහත්වරු, සිංහ සාමාජිකයන්, මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ