Home » කළුතර ඇළවේලි පිරිසිදු කිරීම ඇරඹේ

කළුතර ඇළවේලි පිරිසිදු කිරීම ඇරඹේ

by sachintha
March 24, 2025 4:37 pm 0 comment

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ටම අයත් ප්‍රාදේශීය ගොවි සංවිධාන 372ක් මඟින් ඇළවේලි 435ක් පිරිසිදු කිරීමේ වැඩසටහනක්, පෙරේදා⁣ (22) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගොවි සංවිධාන සහ ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කෙරිණි. වාද්දුව පොලිස් නිලධාරීන්, ගම්වාසීන් සමඟ මොල්ලිගොඩ උතුර එක්සත් ගොවි සංවිධානයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබා දුන්හ. මෙම වැඩසටහන එළැඹෙන 29 වැනිදා සවස අවසන් කිරීමට නියමිතය. පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වයෙන් සහ අධීක්ෂණයෙන් මුල්ලිගොඩ උතුර කූඩලු එළියායට අයත් දෙපා ඇළ ශුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ වූ අවස්ථාව මෙහි දැක්වේ.

කළුතර මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT