රුපියල් කෝටි හතරක් ඇස්තමේන්තු කළ වලල්ලාවිට – උතුම්ගම කිවුල්දෙණිය හරහා මල්වතුකන්ද මාර්ගයේ සංවර්ධනය, අඩි 466කින් වැඩ අතරමඟ නතර කර රුපියල් කෝටි ගණනක් වංචා කර කිවුල්දෙණිය මල්වතු කන්ද ගම්වාසීන්ට ගමට යන එන පාර නැති කළ බවට වලල්ලාවිට කිවුල්දෙණිය ගම්වැසියෝ චෝදනා කරති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් කිවුල්දෙණිය – මල්වතු කන්ද දක්වා වූ කිලෝමීටර් දෙකහමාරක් දිග මාර්ගයේ සංවර්ධන කටයුතු මීට වසර කිහිපයකට ඉහතදී ආරම්භ විය. කොන්ත්රාත් සමාගමක් මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර බැකෝ යන්ත්ර යොදා මාර්ගයේ කොටසක ස්ථාන කිහිපයක බෝක්කු දමා කානු කපා වැඩ අතරමඟ නතර කළ බව කිවුල්දෙණියේ ජනතාව පවසති. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම්. අසෝක මහතා මෙසේ කීවේය.
Òකිලෝමීටර් දෙකහමාරකට වඩා දිග මාර්ගයේ කුට්ටි ගල් ඇල්ලුවෙ අඩි 460ක විතරයි. කොන්ත්රාත් සමාගමට මුදල් ලබා නොදුන් බව කියමින් ඔවුන් යන්න ගියා. දැන් වසර හතරක් පහක් වෙනවා. වැස්සට සේදිලා ගිහින් බයිසිකලයක්වත් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. මේ පිළිබදව වළල්ලාවිට සම්බන්ධීකරණ කමිටුවටත් පැමිණිලි කළා.Ó
වැඩ කටයුතු අතරමඟ නතර කර දමා ඇති බෝක්කු ඉතා අනතුරුදායක බැවින් මාර්ගයේ මෙම අනතුරුදායක ස්ථාන හෝ කඩිනමින් ප්රතිසංස්කරණය කර දෙන්නැයි ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මීගහතැන්න සමූහ