වේයන්ගොඩ, නයිවල නගර මධ්‍යයේ රුපියල් කෝටි ගණනක් වියදම් කර ඉදිකර ඇති දිවි නැගුම සතිපොළ දිනෙන් දින අභාවයට යමින් මත්කුඩුලෝලීන්ගේ හා පෙම්වතුන්ගේ රජ දහනක් බවට පත්ව ඇති බවත්, එම ගොඩනැඟිලිවල ඇතැම් කොටස් ඉතා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් නගරවාසීහු පවසති. නයිවල නගරවාසීන් පවසන්නේ මෙම සතිපොළ ඉදි කිරීමට පෙර සෑම බදාදා දිනකම රාත්‍රී සහ බ්‍රහස්පතින්දා දින නයිවල පොල් නිපදවන්නන්ගේ සමුපකාර
සමිතියට අයත් භූමි භාගයක ඉතාමත් සාර්ථකව සතිපොළ පැවැත්වූ බවයි. විශේෂයෙන් මෙම සතිපොළ බුලත් ගොවීන්ගේ බුලත් අලෙවි කරගැනීමේ බුලත් පොළක් වශයෙන් පැවති අතර, ඒ තුළින් ගම්මාන රැසක බුලත් ගොවීන්ට මහඟු පිටිවහලක් සැලසුන ද අද කිසිදු පොළක් නයිවල නගරයේ නොපැවැත්වීම පිළිබඳව නගරවාසීහු චෝදනා නඟති.
අද වනවිට මෙම ගොඩනැඟිල්ලේ ඇති ඇතැම් කොටස් දිරාපත්ව කැඩී බිඳී ගොස් ඇති බවත්, රාත්‍රී කාලයට දැඩි අන්ධකාරයේ පවතින මෙම ගොඩනැඟිල්ල මත්කුඩුලෝලීන්ගේ හා පෙම්වතුන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ප්‍රයෝජනට සකස් කර ඇති එහි රාක්ක සියල්ලම දිරාපත් වෙමින් පවතී. වැසිකිළි හා කැසිකිළි පද්ධතිය ද ඉතා අපවිත්‍රව පවතී. නගර මධ්‍යයේ දිවිනැගුම සතිපොළ යනුවෙන් සවි කර ඇති තොරණ කෑලි ගැලවී දිරාපත් වී ඇත. කෝටි ගණනක ප්‍රතිපාදන යොදවා ඉදිකළ මෙම ගොඩනැඟිල්ල විනාශ වීම පිළිබඳ වගකිවයුතු අංශ කිහිප අවස්ථාවකදී දැනුම්වත් කළ ද, ඔවුහු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව නයිවල නගරවාසීහු දැඩි අප්‍රසාදය පළ කරති.