Wednesday, March 26, 2025
Home » පසුගිය ආණ්ඩුව දුන් බාර් පර්මිට් 172න් 150ක් තවම තියෙනවා

පසුගිය ආණ්ඩුව දුන් බාර් පර්මිට් 172න් 150ක් තවම තියෙනවා

-මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම්

by sachintha
March 24, 2025 4:02 pm 0 comment

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව වත්මන් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වනු ඇතැයි ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) පැවසීය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“පසුගිය ආණ්ඩුව පගා විදිහට දුන් බාර් පර්මිට් 172න් 150ක් තවම ක්‍රියාත්මකයි. ආණ්ඩුව බලයට පැමිණීමට පෙර නම් කීවේ බලයට පැමිණි වහාම මේ බාර් පර්මිට් අහෝසි කරන බවයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බාර් පර්මිට් 17ක් දීලා තිබෙනවා. නිෂ්පාදනය කරන මෙන්ඩිස් ආයතනයටත් බාර් පර්මිට් දීලා තිබෙනවා. නිෂ්පාදනය කරන සමාගමකට එහෙම බාර් පර්මිට් දෙන්න බැහැ. ද ෆිනෑන්ස් ආයතනයේ මුදල් තැන්පත් කළ 6400කගේ මුදල් තැන්පත් මේ වන තෙක් දී නැහැ. හැබැයි 2019 ජනවාරි මාසයේදී තමයි කීවේ තැන්පත්කරුවන්ට මුදල් දාන්න කියලා. ජේවීපී එකෙත් හොරකම් කළ අය ඉන්නවා. එහෙම නැත්නම් කියන්න. හොරකම් කරලා පුරුදු නැති කට්ටිය නෙවෙයිනේ මේ. ජනතාව ඇන්දීමට තමයි මේ ආණ්ඩුව පත් වුණේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT