Home » ගබ්සා නීති අපි ඉක්මනින්ම ගේනවා

ගබ්සා නීති අපි ඉක්මනින්ම ගේනවා

-ඇමැති හර්ෂණ නානායක්කාර

by sachintha
March 24, 2025 4:57 pm 0 comment

කලලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මේ පනතට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද මේ කරුණ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත වන දෙයක්. අපි පැහැදිලි කළේ වටේ යෑමක්වත් ක්‍රියාත්මක නොකර සිටින දෙයක්වත් නොවෙයි. නමුත් යමක් සිදු කිරීමේදී ඇමැතිවරුන්ට තනියම කරන්න බැරි දේවල් තිබෙනවා. අපේ රජයට තව වසර හතරහමාරක් තිබෙනවා. මේ වැඩේ කරන්න අපිට තව අවුරුදු හතරහමාරක් යන්නෙ නැහැ. ඒක කිරීමේදී ගත යුතු පියවර තිබෙනවා. ඒවා කරනවා. නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. අප මේක සාර්ථකව කරනවා. මේක කඩිනමින් කරනවා.

මේ සම්බන්ධයෙන් සහ තවත් අණ පනත් හැට ගණනක් අධ්‍යයනය කරමින් සිටිනවා. මේවාට ක්‍රමවේද සකස් කළ යුතුයි. නීති කොමිසමට මේක දැම්මා. මේ මාස හතරහමාරේ කරන්න පුළුවන් වුණේ ඒක විතරයි. තව කාලය තිබෙන නිසා එම කාලය ඇතුළේ අපි මේක කළේ නැත්තම් අපිව විවේචනය කරන්න. කරන ක්‍රමවේදය, කරන විදිහයි අපි අවධානය යොමු කළ යුත්තේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT