කලලයට බරපතළ හානි සිදුව ඇති අවස්ථාවලදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගර්භිණීභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළව ලොව පිළිගත් ප්‍රමිතීන්ට යටත්ව නීති සම්මත කරගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) ප්‍රශ්නයක් යොමු කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.
“මෙය කළ යුතු දෙයක්. ජනතාව දැන් තුනෙන් දෙකකින් අනුමත කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති මත විධායක ජනාධිපතිවරයකු ද පත් කර තිබෙනවා. කලලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා ලෝකයේ රටවල මේ සම්බන්ධ පියවර අරන් තිබෙනවා. සංවේදීභාවය පිළිබඳ කරුණක්. පිළිතුරු දීමත් බරපතළ කරුණක්. මේ තරම් ශක්තිමත් ආණ්ඩුවක් තිබිලත් වටේ යන්නේ නැතිව පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාම එකතු වී ලෝකය පිළිගත් ප්‍රමිතීන්ට අනුව මේ නීති සම්මත කරමු. තමන්ට මේ ප්‍රශ්න අදාළ නොවන කණ්ඩායම්වලට වඩා මේ ශිෂ්ටාචාර තුළ ජීවත් වන අය විසින් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ වගේම මේ අවුරුදු පහෙත් මේක කළේ නැත්තම් තවත් වසර පහක් වෙනුවෙන් මේ ප්‍රශ්නය ඉදිරියට යනවා” යැයි ද කීවේය.