Wednesday, March 26, 2025
Home » වත්මන් ආණ්ඩුවත් ණය අරන්

වත්මන් ආණ්ඩුවත් ණය අරන්

- මන්ත්‍රී දයාසිරි ජයසේකර

by sachintha
March 24, 2025 4:49 pm 0 comment

dayasiri jayasekara

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ දක්වා දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි පන්ලක්ෂ පහළොස් දහස් හයසීයක් පමණ ණය ලබාගෙන ඇතැයි මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) ප්‍රකාශ කළේය.

එම මුදල් ආණ්ඩුව මඟින් පාවිච්චි කර ඇත්තේ කවර අවශ්‍යතා වෙනුවෙන්දැයි දයාසිරි ජයසේකර මහතා විමසා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා‍,

“දේශීය වශයෙන් 2025 මාර්තු 05 වැනිදා වන විට භාණ්ඩාගාර බිල්පත් ලෙස රුපියල් බිලියන 3775ක්, භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන් රුපියල් බිලියන 1063ක් වගේම ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 1084ක් ලෙස රුපියල් බිලියන 5156ක ප්‍රමාණයක්. එය කෝටිවලින් කිවුවොත් රුපියල් කෝටි පන්ලක්ෂ පහළොස් දහස් හයසීයක් වශයෙන් ඔබතුමාලා ණය අරගෙන තිබෙනවා. ඒවා පාවිච්චි කරලා තිබෙන්නේ මොනවාටද? බුකින් ඩොට්කොම් ඉවත් කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේක සුදුසු ද? නිකම්ම කරපු ප්‍රකාශයක්ද?”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT