Home » ආණ්ඩුව විපක්ෂයේ යෝජනාත් රැගෙන ඉදිරියට යා යුතුයි

ආණ්ඩුව විපක්ෂයේ යෝජනාත් රැගෙන ඉදිරියට යා යුතුයි

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

by sachintha
March 24, 2025 4:48 pm 0 comment

ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන අය-වැයට විරුද්ධ නොමැති අතර විපක්ෂයෙන් දුන් යෝජනා ද රැගෙන ඉදිරියට යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) පැවසීය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“ආණ්ඩුව බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දු මේ වන විට ඉටු කර තිබෙනවාද? ඉටු කර නැහැ. සුබ නැකතට එක මිටකට රිළවු ගණින්න වුණා. රිළවු ගැන්නා කියමුකෝ. ඒ ගැන්න ගණන් දැන් කෝ. බටලන්ද ගිවිසුම් වාර්තාව ආවා. ඊට අනුව වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දේශපාලනය තුළ හතුරොත් නෑ, මිතුරොත් නෑ. මහින්ද මහතා මේ රටේ ප්‍රශ්න අවසන් කළ නායකයා. මොකා මොන විදිහෙන් කීවත් එතුමා රටේ ප්‍රශ්න අවසන් කළා.

මේ අය-වැය අස්සේ මහින්ද මහතා ගෙදරින් එළියට දාන්න ආණ්ඩුව සැලසුම් කළා. සුරාබදු, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවලින් සියයට 60 ආදායම් අපේක්ෂා කරනවා. ඒ ඉලක්ක දෙනවා. දේශපාලන ඉතිහාසයේ කිසිම කෙනෙක් මේ ඉලක්ක සපුරන්නේ නැහැ. දයාසිරි ජයසේකර මහතා දැන් කීවා. ආදායම් ගැන කතා කරන විට බාර් ගැන කතා කරන්න වෙනවා. මේ රටේ මිනිස්සු වැඩිපුර බොන්නේ ගල් අරක්කු, පොල් අරක්කු. දැන් රා හදනවා. ඒ රා වලින් අරක්කු හදනවා. රුපියල් 2780ක් එක් බෝතලයකින් බදු ගන්නවා. ආදායම් රජයට එන්නේ නැහැ. මිනිස්සුන්ට වස විෂ පොවනවා. ජනතාව කාලගුණය වගේ. කොයි මොහොතේ වෙනස් වෙයි ද කියන්න බැහැ. ඒ නිසා මැතිවරණ අභියෝගය ජය ගන්න ආණ්ඩුව පියවර ගත යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT