Wednesday, March 26, 2025
Home » ආයෝජකයන්ගෙන් පගාව ඉල්ලූ අය ගැන හොයන්න ජනපති කොමිසමක් ඕනෑ

ආයෝජකයන්ගෙන් පගාව ඉල්ලූ අය ගැන හොයන්න ජනපති කොමිසමක් ඕනෑ

අද පගාව නැති නිසා ආයෝජන ඕනෑ තරම් - ඇමැති සුනිල් හඳුන්නෙත්ති

by sachintha
March 24, 2025 4:05 pm 0 comment

පසුගිය ආණ්ඩුව කාලයේ මෙරටට පැමිණි ආයෝජකයන්ගෙන් පගාව ඉල්ලූ අය සම්බන්ධයෙන් විමර්ශනයට විවෘත ස්වාධීන ජනාධිපති කොමිසමක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) පැවසීය.

එවැනි කොමිසමක් පිහිටු වුවහොත් පැමිණ සාක්ෂි දීම සඳහා ආයෝජකයන් සිටිනා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

“දේශපාලන හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තමයි අපේ අරමුණ. මේ වන විට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි, මැති ඇමැතිවරුන් කිසිදු විටෙක අත ගසන්නේ නැහැ. අපට බලපත්‍ර තිබෙනවා කියලා පෙන්වා දෙන්න කියලා මම අභියෝග කරනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා ආයෝජන ලංකාවට ලැබෙනවා. පගාව අද නැහැ. ඒ නිසා ආයෝජන අපට එනවා. පසුගිය ආණ්ඩුව කාලයේ දිවුරුම් පෙත්සම් දෙන්න කැමති අය ඉන්නවා පගාව ගත් ආකාරය ගැන. රටේ ඉඩම් ඉතිරි වෙලා නම් ඉතිරි වෙලා තිබෙන්නේ දෙගොල්ල පොරකාගෙන බෙදා ගන්න බැරිව ඉතිරි වූ ඒවා. සුදු ඇඳගෙන විපක්ෂයේ අය කෑගහන විදිහ රටට හෙළිදරව් කරන්න විවෘත ජනාධිපති කොමිසමක් ස්වාධීනව පිහිටුවන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT