Home » ජපානයේ සමුද්‍ර ආරක්ෂක නැවක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපානයේ සමුද්‍ර ආරක්ෂක නැවක් කොළඹ වරායට සේන්දු වෙයි

by sachintha
March 24, 2025 7:25 am 0 comment

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මුරසාමේ ( MURASAME) නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි.

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මුරසාමේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා මෙම නෞකාව පෙරේදා ( 22)කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ඩිස්ට්‍රෝයර් ( Destroyer ) වර්ගයට අයත් මුරසාමේ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැව් මුළුව 200කගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරි ලෙස, කමාන්ඩර් හයකාවා මසහිරො (HAYAKAWA Masahiro )කටයුතු කරයි. තවද, මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් කාර්ය මණ්ඩලය දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව මුරසාමේ නෞකාව 2025 මාර්තු මස 25 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT