81
ජපන් උපාධිධාරි ආදි ශ්‍රී ලාංකික සංවිධානය මඟින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය ජපන් උපාධිධාරීන් දස දෙනෙකුට මෙවර පිරිනැමිණි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉෂෝමතා අකියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී මෙයට වසර 33කට පෙර ජපානයේ අන්තර්ජාතික ජපන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලද මහාචාර්ය සුනිල් කුරේ මහතාට ද සම්මානයක් පිරිනැමිණ. රාගම, හීන්කෙන්ද මහා විදුහල සහ ගලහිටියාව මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වූ මහාචාර්ය සුනිල් කුරේ මහතා ප්‍රකට ආර්ථික විද්‍යා උගතෙකි.