Home » චීනයේ ඉදිරි සැලසුම් පිළිබඳ විද්වත් සංවාදයක්

චීනයේ ඉදිරි සැලසුම් පිළිබඳ විද්වත් සංවාදයක්

by sachintha
March 24, 2025 4:32 pm 0 comment

2025 වසරේ චීනයේ ඉදිරි සැලසුම් ඇතුළත් රාජ්‍ය කාර්ය වාර්තාවෙන් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ජාතික සැසිවාර දෙක පිළිබඳ විද්වත් සංවාදයක් කොළඹදී පැවැත්විණි.චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය එය සංවිධාන කළේය. චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය හා අදාළ සැලසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සඳහන් විය. එම සැලසුම් වත්මන් ලෝකයේ ප්‍රගමනයට ලබා දෙන දායකත්වය සහ එම සැලසුම් තුළින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ආදර්ශයන් මෙම සංවාදයේදී පුළුල් ලෙස අවධානයට ලක්විය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, කොළඹ

විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ, ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චීන අධ්‍යයනය පිළිබඳ විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ, මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක , ජාතික ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නීති කමිටු සාමාජික , ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ , නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා යන මහත්වරු එහිදී සිය අදහස් දැක්වූහ.

ඡායාරූපය- රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT