Home » අයථා ඉපැයීම් යළි ගන්න නව පනතක්

අයථා ඉපැයීම් යළි ගන්න නව පනතක්

-අප්‍රේල් 8දා මැතිසබයට

by sachintha
March 24, 2025 4:06 pm 0 comment

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමට වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.

ලබන අප්‍රේල් 08 වැනිදා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඒ මහතා පැවැසීය. එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයන්ගේ ඕනෑම දේපොළක් නීත්‍යනුකූලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබාගැනීමට හැකිවන බවද චන්දන සූරියආරච්චි මහතා පැවැසීය.

“ මේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය විවිධ වකවානුවල සිටි පාලකයෝ, දේශපාලනඥයන්ට සම්බන්ධ සමීපතමයන්, තාත්තලා, පුතාලා, බාප්පලා ඇතුළු ඒ දේශපාලනයේ හිටපු අය, ඥතීන් එකතුවෙලා අපේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් විවිධ ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කරලා තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා. එමෙන්ම ඒවා තමන්ගේ බවට පත්කරගෙන තියෙනවා. එවැනි නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයාගෙන අද ඒවා පෞද්ගලික දේපොළ ලෙස පත්කරගත් ඕනෑම කෙනකුගේ දේපොළක් නීත්‍යනූකූලව විධිමත්ව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා යළි රජයට පවාරා ගැනීමේ හැකියාවක් ලැබෙන නව නීති සම්පාදනයක් සඳහා වන පනතක් ඉදිරි අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු අභිලාසයන් අපි දවසින් දවස ඉටුකරමින් මේ රටේ හැම පුරවැසියකුගේම බලාපොරොත්තු ඒ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන කලබලයක් නැතුව ඉදිරියට ගෙනියනවා යැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT