Home » ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගත් සැකකරුවෝ 2ක් ගිනි අවිත් සමඟ අසුවෙති

ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගත් සැකකරුවෝ 2ක් ගිනි අවිත් සමඟ අසුවෙති

by sachintha
March 24, 2025 4:45 pm 0 comment

කුප්‍රකට පාතාල අපරාධකරුවන්ගේ නම් සඳහන් කරමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ලෙස මුදල් ලබා ගනිමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි දෙකක් සහ පතරොම් 15ක් සමඟ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙයියන්දර සීනිගල්ල සහ තිස්සමහරාමය ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 හා 45 වයස්වල පසුවන්නන්ය.

පෑලියගොඩ පොදු වෙළෙඳසලේ ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂයක මුදලක් ගිණුම්ගත කරවා ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා අලුයම් කාලයේදී දෙයියන්දර පොලිස් වසමේ සීනිගල්ල නැඟෙනහිර ප්‍රදේශයේදීය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී විදේශ රටක නිෂ්පාදනය කළ රිවෝල්වරයක් සහ ඊට යොදන පතරොම් 05ක්ද, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ඊට යොදන මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 10ක්ද සොයාගත් බව පොලීසිය කියයි. මේ ගිනි අවි දෙක සොයාගෙන ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳස අසල ලඳු කැලෑවක සඟවා තිබියදී බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. සැකකරුවන් රටපුරා ව්‍යාපාරිකයන් රැසක් බිය ගන්වමින් කප්පම් ලබාගෙන ඇති බව පෙනී යන බැවින් ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT