සත්‍යය සහ සාධාරණත්වය සඳහා වන අනුර බණ්ඩාරනායක පදනම මඟින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානය, හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පෙරේදා (22) පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය, හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකෙරුණේ 17 වැනි වතාවටයි. දිවයින පුරා වෙසෙන ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වලින් තෝරාගනු ලැබූ පාසල් දරු දැරියෝ 56 දෙනෙක් සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාසල් දරුවකුට ශිෂ්‍යත්වය පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ.
කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර