Home » එල්.එම්. රිස්වාන්ගේ ‘පරිගණක මූලික දැනීම’ න්‍යායාත්මක ග්‍රන්ථය එළිදකී

එල්.එම්. රිස්වාන්ගේ ‘පරිගණක මූලික දැනීම’ න්‍යායාත්මක ග්‍රන්ථය එළිදකී

by sachintha
March 24, 2025 4:00 pm 0 comment

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය නිර්දේශය ඇතුළත්ව පරිගණක පිළිබඳ ප්‍රවීණ දේශක එල්.එම්.රිස්වාන් විසින් රචිත ‘පරිගණක මූලික දැනීම‘ න්‍යායාත්මක ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා මිනුවන්ගොඩ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාල සංස්කෘතික හා පෙරදිග ශාසන අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට මනෝවිද්‍යා උපදේශක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ඉල්හාමි මරික්කාර්,හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග, දිනමිණ හිටපු සමකර්තෘ ධනුෂ්ක ගොඩකුඹුර,ලේක්හවුස් ආයතනයේ හිටපු දෙමළ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී මොහොමඩ් නිලාම් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT