Home » ඡායාරූප ශිල්පී යූ.කේ.අබේරත්න අභාවප්‍රාප්ත වෙයි

ඡායාරූප ශිල්පී යූ.කේ.අබේරත්න අභාවප්‍රාප්ත වෙයි

by sachintha
March 24, 2025 4:00 pm 0 comment

මාධ්‍යවේදියකු සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වූ යූ.කේ. අබේරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍ර‍තිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදා මියගොස් තිබේ.

2000 වසරේදී කොටිකාවත්ත ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු මාධ්‍යවේදියකු මෙන්ම ප්‍ර‍වීණ ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළේය. කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වල ක්‍රියාකාරි සාමාජිකයකු, සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ගම් ප්‍රදේශයට විශාල සේවාවක් කළ යූ.කේ. අබේරත්න මහතා පසුගිය කොරෝනා සමයේ කොළොන්නාව කොට්ඨාසයේ ගමින් ගමට යමින් ජනතාවට එන්නත් ලබාදීමට රාජ්‍ය ආයතන සමඟ එක්වී විශාල කාර්ය භාරයක් කළ අයෙකි.

පසුගිය සුනාමි සමයේ ඔහු විසින් ගන්නා ලද ඡායාරූපවලට ජාත්‍යන්තර සම්මාන පවා හිමිව තිබිණි. මිය යන විට 50 වැනි වියේ පසු වු ඒ මහතා දෙදරු පියෙකි. අවසන් කටයුතු අද (24) කොටිකාවත්ත පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.

මුල්ලේරියාව සමූහ සිරිසේන ගමගේ සහ කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT